නිවසට රැගෙන යාමට අවශ්‍ය ජලය ගෙන ඒමට ඇය කළ දෙකක් භාවිත කළාය. එහෙත් ඉන් එක් කළයක් තරමක් පළුදු වී තිබුණේය. ඇය ගගේ සිට වතුර ගෙදරට ගෙනයන විට පලුදු වුන කළයෙන් පාර දිගට වතුර හැලෙනවා. නිවසට පැමිණෙන විට අනෙක් කළයේ සම්පූර්ණයෙන්ම ජලය තිබුණත් පලුදු වූ කළයේ ඉතිරි වන්නේ ජලය භාගයක් පමණි. තමාගෙන් කිසිම ඵලක් නැතැයි සිතූ පලුදු වූ කළය බොහෝ සේ දුක් විය.
දිනක් වතුර රැගෙන ඒමට ගඟ ළඟට ගියවිට පලුදු වූ කළය ගෙවිලියට කතා කළේය. “මේ බලන්න මගේ ඇඟ ගොඩක් හිල්වෙලා, ඒ නිසා මගේ ඇඟෙන් ඔයා අරන් යන වතුර වලින් බාගයක්ම වගේ බිමට හැලෙනවා ඒ නිසා මාව අයින් කරලා අලුත් කළයක් ගන්න” කියා පලුදු වූ කළය බොහොම දුකින් ගෙවිලියට පැවසුවේය.
කිසිවක් නොපැවසූ ගෙවිලිය පෙර ලෙසම කළ දෙකටම ජලය පුරවා ගත්තේය. ඉන්පසු ගුරු පාර දිගේ කළ දෙකම රැගෙන නිවස කරා පැමිණියේ ය. නිවසට පැමිණි පසු පලුදු වූ කළයට කතා කළ ගෙවිලිය ඔයාට පේනවා නේද අපි ආපු පාර දිගට ලස්සන ලස්සන මල් පිපිලා තියෙනවා කියා විමසුවේය. “ඔව් එ මල් හරිම ලස්සනයි” ක්‍රියා කළය පිළිතුරු දුන්නේය.
ඔයා දන්නවාද ඒ මල් පිපෙන්නේ ඔයා නිසා කියලා ගෙවිලිය නැවතත් විමසුවේය. “මොකක් මං නිසා මල් පිපෙන්නේ කොහොමද” ක්‍රියා කළ ගෙවිලිය ගෙන් විමසුවේය.
මම ඔයා අරගෙන යන්නේ ඔයාගෙන් වැටෙන වතුර මල් පැල වලට වැටෙන විදිහටයි, මල් වලට වතුර දාන්න හිටියොත් කවදාවත් ඕක වෙන්නේ නෑ.
ඒත් ඔයා එල්ලගෙන ගියාම ඒ මල් පැළවලට හැමදාම වතුර වැටෙනවා ඉතින් බලන්න මගේ කිසිම සැලකිල්ලක් නැතිව ඒ මල් ඔයා නිසා ලස්සනට හැදිලා තියෙන හැටි, ඒක කොයි තරම් හොඳ දෙයක්ද ඒ නිසා මටනම් පලදු වුණු ඔයා ගොඩක් වටිනවා තියා ගෙවිලිය සංවේදීව කළ අතගාන ගමන් පැවසුවේය.
ඔබ කුමරා ආකාරයක රැකියාවක් කරත් කුමන තරාතිරමක සිටියත් කුමන පවුල් පසුබිමක් තිබුනත් ඔබට දහසක් මල් මෙම ජිවන ගමනේදී පුබුදුවන්න පුළුවන්. එමනිසා ඔබෙන් වටිනා කමක් නැතැයි සිතා පසුතැවෙන්න එපා. ජීවිතය කියන්නේ මල් පිපිදවිමක් මිසක් මල් අයිතිකර ගැනීම නොවේ. ඇතැම් අවස්ථාවලදී දිය පිරුණු නොසැලෙන කළ වලට වඩා දිය හැලෙන පලුදු වූ කළ ගොඩක් වටින බව මතක තියාගන්න.
_____________________________________________________________________________________
අපගේ කතා සියල්ල රසවිදීමට දැන්ම අපගේ ළමා කතා app එක downlaod කරගන්න
Download for all the devices (Include Laptops,)
ලැප්ටොප්, දුරකථන ඇතුළු සියල්ලටම
Download from Google Play
ඔබගේ දුරකතනයට Google Play වෙතින් ලබා ගැනීමට
Comments
Post a Comment